Home / සාමන්‍ය දැනීම / උසස් පෙළ පොදු පරීක්ෂණයට උදව්වක්…………………..! – සාමන්‍ය දැනීම 02 කොටස

උසස් පෙළ පොදු පරීක්ෂණයට උදව්වක්…………………..! – සාමන්‍ය දැනීම 02 කොටස

ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්ථා වූ දරුණුතම නාය යාම සිදුවූයේ කොහේද? කොස්ලන්දේ මීරීයබැද්ද වතුයායේ – 2014

ඉබෝලා වෛරසය මුපින්ම ව්‍යාප්ත වූයේ කොහේද? කිනම් වර්ෂයේද? මධ්‍යම අප්‍රිකාවේ සුඩානය හා සයරේ ආශ්‍රිතව – 1976

ආසියාවේ දිගම ගග කුමක්ද? යැංසිකියෑං ගග

සාර්ක් සංවිධානය හදුන්වන අනෙක් නම කුමක්ද? දකුණු ආසියානු සහයෝගිතා සංවිධානය

බාමියන් බුද්ධ ප්‍රතිමාව පිහිටා තිබෙන්නේ කොහේද? අැෆ්ගනිස්ථානය

ලොව විශාලතම බෞද්ධ සිද්ධස්ථානය පිහිටා ඇත්තේ කුමක්ද? කොහේද? බොරෝ බුදූර් විහාරය – ඉන්දුනීසියාවේ ඡාවා වල

චීනයේ ශෝකය හෙවත් චීනයේ අදෝනාව නමින් හදුන්වන ගංගාව කුමක්ද? කහ ගංගාව

දකුණු ආසියානුු කලාපයට අලුතින් එක් වූ රට කුමක්ද? අැෆ්ගනිස්ථානය

ශ්‍රී ලංකාවේ ප්‍රථම වැව කුමක්ද? බසවක්කුලම හෙවත් අභය වැව

සෙල්ලම් නිරිදු ලෙස හැදින්වූ රඡතුමා කවුද? ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රඡතුමා

ටාස් යනු කුමන රටක පුවත් සේවයක්ද? සෝවියට් රුසියාව

ලොව කෙටිම මගී දුම්රිය මාර්ගය ඇති රට කුමක්ද? වතිකානුව

ලොව කුඩාම රාඡ්‍යය වන්නේ කුමක්ද? වතිකානුව

ශ්‍රී ලංකාවේ පොලිස් සේවාව ආරම්භ වූයේ කිනම් වර්ෂයේද? 1833 දී

ප්‍රථම සාක් රාජ්‍ය නායක සම්මේලනය පැවැත් වූ රට කුමක් ද? බංගලාදේශය

තවත් සාමන්‍ය දැනීම ප්‍රශ්න සමගින් හමුවෙමු………………..


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

කණෙන් බැරිනම් දිවෙන් හරි අහමුද?

Views 5188Likes 1Rating 12345අපේ පංච ඉන්ද්‍රියන්ගේ කණ ඇසීමටත්, දිව රස බැලීමටත් කියලා පුංචි කාලේ අපි ...

One comment

  1. 1,2 ewa godak hodai. Danne nathi dewal godak dana gaththa. Me para A/L karana apith kalin wage 1 danawad?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *