Home / පරිගණක / අංකිත ආර්ථිකයේ අලුත්ම පිම්ම……මුදල් හා කාඩ්පත් අනවශ්‍යයි, දුරකථනය අවශ්‍යයි!

අංකිත ආර්ථිකයේ අලුත්ම පිම්ම……මුදල් හා කාඩ්පත් අනවශ්‍යයි, දුරකථනය අවශ්‍යයි!

Samsung සමාගම විසින් 2015 දී හදුන්වා දී ඇති මේ අලුත්ම තාක්ෂණ විප්ලවයට අනුව ඔබට මිළදී ගැනීම් ස්දුකිරීමට මුදල් වත් කාඩ්පත් වත් ඔබගේ පසුම්බියේ තිබිය යුතු නැහැ. අවශ්‍ය වන්නේ ස්මාර්ට් දුරකථනයක් පමණයි.

Samsung Pay යන application එකට ඔබට අයත් ක්‍රෙඩිට්, ඩෙබිට් පිළිබද තොරතුරු ලබාදීම සිදුකිරීම පමණයි කල යුත්තේ. මේ ඇප් ක්‍රියාත්මක කිරීමට භාවිතා කරන්නේ ඔබගේ ඇගිලි සලකුණයි, ඒ වගේම ගනුදෙනු සිදුවන සෑම අවස්ථාවකදීම විශේෂ ටෝකන් අංකයක් ලබාදෙන නිසා කාඩ්පතේ තොරතුරු අන් අයට යාමේ ප්‍රවණතාවය ඉතාමත් අඩුයි. දුරකථනයේ තිබෙන කාඩ් පිළිබද තොරතුරු encrypt කර ඇති බැවින් ආරක්ෂාවෙන් වඩාත් සුරක්ෂිතයි.

  • මේ ඇප් භාවිතා කිරීමට කිසිදු මුදලක් ගෙවීමට අවශ්‍ය නැහැ.

  • යම් ලෙසකින් ඔබේ දුරකථනය නැතිවුවත් කාඩ්පත් තොරතුරු encrypt හා ඇගිලි සලකුණු මගින් ලොක් කර ඇති නිසා අන්සතු නොවේ

  • ඔබගේ කාඩ්පත් තොරතුරු නැවත වෙනස් කිරීමට ද පහසුකම් සලසා තියෙනවා

මේ වනවිට කොරියාවේ භාවිතා වන මේ තාක්ෂණය අනාගතයේදී ලොව පුරා ව්‍යාප්ත වේවි………….

වැඩි විස්තර පහත වීඩීයෝවෙන්……

 

 


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

සාමන්‍ය දැනීම ප්‍රශ්න 250 ක් ! (දෙවැනි පොත)- උසස් පෙළ පොදු පරීක්ෂණය හා අනෙකුත් විභාග සදහා

Views 20224Likes 21Rating 123452015 වර්ෂයේ මෙන්ම මෙවරත් 2016 අ.පො.ස උසස් පෙළ සිසුන්ගේ පොදු පරීක්ෂණය සදහා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *