Home / විද්‍යා හා තාක්ෂණ / කණෙන් බැරිනම් දිවෙන් හරි අහමුද?

කණෙන් බැරිනම් දිවෙන් හරි අහමුද?

අපේ පංච ඉන්ද්‍රියන්ගේ කණ ඇසීමටත්, දිව රස බැලීමටත් කියලා පුංචි කාලේ අපි ඉගෙනගත්තා, භාවිතයෙන් දැනුනා. ඒත් අද වනවිට තාක්ෂණයේ දියුණුව හැමදේම කණපිට පෙරලලා… ඒ කියන්නේ ඔබ කණෙන් ඇසීමට අපහසු පුද්ගලයෙක් නම් දැන් දිවෙන් අහන්න පුලුවන්ලු. සැබවින්ම ශ්‍රවණ ආබාධිත පුද්ගලයන්ට නම් මෙය අපූරු ආරංචියක් වේවි.

මේ පර්යේෂණය කරලා තියෙන්නේ ඇමරිකාවේ කොළරාඩෝ විශවවිද්‍යාලයේ ඉංඡිනේරු හා ස්නායු වෙ‍ෙද්‍ය පිරිසක් විසින්. අපි අහන ශබ්ද කර්ණ ශංඛය හරහා නොගොස් දිව හරහා මොළයට පණිවිඩයක් ලෙස යාමයි මෙහිදි කරන්නේ, මෙහිදි ඔවුන් භාවිතා කරන්නේ බ්ලූටූත් තාක්ෂණයයි.

අදාල ශබ්දය හදුනාගෙන කුඩා විද්‍යුත් ධාරාවන් ලෙස දිවට සම්බන්ධ වී ඇති උපකරණය හරහා මොළයට පණිවිඩ ලෙස යවයි. ඒ අනුව අවට පරිසරයේ ශබ්ද ඇසීමටත් ඊට අදාල ප්‍රතිචාර දැක්වීමටත් හැකියාව ලැබෙනවා.

Hearing-w-tongue-how-it-works

පහලින් තියෙන්නේ මේ උපකරණය නිර්මානය කල අය විසින් විස්තර කරන පොඩි වීඩීයෝ පොඩ්ඩක්, ඒකත් බලන්න. එහෙනම් අනාගතයේදී කණෙන් බැරිවුනොත් දිවෙන් හරි අහමු නේ…….


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

Imagine Cup 2016 අපේ වැඩකාරයෝ !!!!

Views 16689Likes Rating 12345Imagine Cup කියන්නේ Microsoft සමාගම විසින් ලෝකයේම ඉන්න තොරතුරු තාක්ෂණය හදාරන අයට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *