Home / දේශීය / ඔබ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් කෙනෙක්ද? එසේනම් අනිවාර්යයෙන් කියවන්න…

ඔබ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් කෙනෙක්ද? එසේනම් අනිවාර්යයෙන් කියවන්න…

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් අපි හැමෝම දන්නවා ඒ අවස්ථාව ලබාදෙන්න අපමණ වෙහෙසක් ගත් පුද්ගලයා සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමා බව. නමුත් එතුමාගේ ඡිවීත කථාව දෙස බැලුවිට මට හිතුනා ඔබ එක්ක ඒ තොරතුරු බෙදාගන්න.

1884 දී උපත ලද එතුමා සහෝදරයන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ සමාඡිකයෙක් වන අතර මව දරුවෙකු බිහි කිරීමට යාමේදී මරණයට පත්වී තිබෙනවා. අම්බලන්ගොඩ වෙස්ලියන් විද්‍යාලයේ ත්‍යාග ප්‍රදාන උත්සවයකදී පිට පිටම 14 වතාවක් ත්‍යාගයන් ලබා ගැනීමට පැමිණි මේ අපූරු දරුවා ගැන එදා උත්සවයේ අරාධිත අමුත්තා වූ ඩැරල් පියතුමා ට පැහැදීමක් ඇතිවෙනවා. එහි ප්‍රථිපලයක් ලෙස ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ නොමිලේ ඉගෙනීමට අවස්ථාව ලබා දෙනවා. ඒ කාලයේ තිබූ ශිෂ්‍යත්ව ක්‍රමවේදයට අනුව මේ දරුවාට ලැබෙන්නේ 3 වැනි පෙළ ශිෂ්‍යත්වයක්, ඉතින් පළමු පෙළ ශිෂ්‍යත්ව ලැබූ දරුවන්ගේ කෙණෙහිලිකම් වලට නිතරම ලක් වෙන්නත් මේ පුංචි කන්නන්ගරට සිදුවුනාලු.

හැබැයි මේ කෙණෙහිලිකම් වලින් ඇතිවන සිත්පීඩාව නැතිකරගත්තේ තව තවත් අධ්‍යාපන කටයුතු හොදින් සිදුකිරීමෙන්, එහි ප්‍රථිපලයක් ලෙස 1901 දී කේම්බ්‍රිඡ් සිනීයර් විභාගයෙන් ගණිතය විෂය සදහා වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයා වෙනවා. 1904 දී ඩැරල් පියතුමා විසින් ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේම ගණිත ගුරුවරයෙක් ලෙස සේවය කිරීමට අවස්ථාවක් ලබා දෙනවා. පසුව මොරටුව වෙස්ලි විද්‍යාලයත් පසුව අම්බලන්ගොඩ වෙස්ලියන් විද්‍යාලයේත් ගණිත ගුරුවරයෙක් ලෙස කටයුතු කරනවා. රැකියාව කරන අතරම නීතී විද්‍යාලයට බැදෙන ඔහු එහි ප්‍රථිපලයක් ලෙස 1910 දී නීතීවේදියෙක් බවට පත් වෙනවා. 1923 දී අතුරු මැතිවරනයෙන් ව්‍යවස්ථාදායක සභාවේ දකුණු පලාත් මන්ත්‍රීවරයෙක් වන අතර 1931 ඩොනමෝර් ක්‍රමයට අනුව පැවතුවූ රාඡ්‍ය මන්ත්‍රන සභාවේ ගාල්ලේ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කරනවා. 1931 සිට වසර 16 ක් අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කිරීමට එතුමාට හැකිවන අතර අදටත් අපි භූක්ති විදින අධ්‍යාපනයේ බොහෝ වරප්‍රසාද එදා එතුමා විසින් කල දේවල්.

ශිෂ්‍යත්ව ක්‍රමය හදුන්වා දීම, මවුබසින් ඉගැන්වීම සිදු කරවීම, මධ්‍ය මහා විද්‍යාල ආරම්භ කිරීම, ගුරුවරන්ට නිසි මාසික වැටුප් හා විශ්‍රාම වැටුප්  ක්‍රමයක් ඇති කිරීම යනාදී වරප්‍රසාද බොහෝමයක් ලබා ගැනීමට එවකට සිටි සුද්දන් හා කලු සුද්දන් සමග දැඩිව කටයුතු කරන්නට සිදුවිනි.

මෙහි ඉතාමත්ම වැදගත් අවස්ථා වන්නේ 1942 දී විශ්ව විද්‍යාල පනත හා 1945 දී නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගැනීමයි.

1956 දී දේශපාලනයෙන් විශ්‍රාම ගිය මෙතුමා කිසිවක් තමන්ට ලබා නොගත් අයෙක්, අවසන් කාලයේදී රෝගාතුර වු විට තමාට ප්‍රමාණවත් තරම් මුදලක් නොතිබූ නිසා පාර්ලිමේන්තු කථානායකට දැනුම් දුන් පසු මාසිකව රැ.500 ක මුදලක් ලබාදී ඇත.

1968 සැප්තැම්බර් 23 වන දින අවුරුදු 84 ක් වූ මේ අසහාය ලංකා පුත්‍රයා ඡිවීතෙන් සමුගන්නවා, ඒත් ඔහු කල සේවය අදටත්, අනාගතයටත් දරුවන්ට වගේම ගුරුවරුන්ටත් අමතක කල නොහැක්කක්.

ඉතින් මේ ලිපිය ඒ උදාරතර ශ්‍රේෂ්ඨ මිනිසාට උපහාරයක් වේවා!

පශ්චාත් උපාධි ඩිප්ලෝමාවේදි, දේශිය අධ්‍යාපනය යන විෂය යටතේ අපට බොහෝ විෂය කරුණු කියාදුන් ආචාර්ය ආනන්ද ඡයවර්ධන සර් විසින් ලියන ලද ලිපියකින් කරැණු ලබා ගන්නා ලදී…..


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

ජිවීතයේ දී එක් සහකරුවෙක් පමණක් ප්‍රාර්ථනා කරන සත්වයා!

Views 13246Likes 7Rating 12345ජිවීතයේ දී එක් සහකරුවෙක් පමණක් ප්‍රාර්ථනා කරන සත්වයා කවුරුව්දැයි ඔබ දන්නවාද? ඒ ...

One comment

  1. Lakruwan Perera

    Thanks you for that

Leave a Reply

Your email address will not be published. Required fields are marked *