Home / කාලීන / තේ මණ්ඩි වලින් එළවලු වල විස නසන්න!

තේ මණ්ඩි වලින් එළවලු වල විස නසන්න!

මේ දවස්වල බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ පැවත්වෙන වස විස නැති රටක් යන සංකල්පය යටතේ තියෙන ප්‍රදර්ශණය නරඹන්න මටත් අවස්ථාවක් ලැබුනා….. ඇත්තටම ඉතාමත් වටිනා කරුණු රැසක් දැනගන්න පුලුවන් අවස්ථාවක්…  සුපුරුදු පරිදි ලැබුනු අත් පත්‍රිකා සමුහය අතරේ එක් පත්‍රිකාවක දැනුම ඔබ සමග බෙදා හදා ගන්න හිතුනා,

අපි හැමෝගේම ගෙවල් වල තේ බොනවානේ, අන්තිමට ඉතුරුවන තේ මන්ඩි ටික අපි කුණු ගොඩට දානවා නේද? මමත් මේ වනතුරු කලේ නම් ඒක, හැබැයි ඒ ඉතුරු වන තේ මන්ඩි වලින් හොද ප්‍රයෝඡනයක් ගන්න පුලුවන් ලු……

ආචාර්ය රංඡිත් අබේවික්‍රම මහතාගේ පර්යේෂණයකට අනුව, තේ වල ආසනික්, ඊයම් රසදිය වැනි පිළිකාකාරක බැර ලෝහ බොහොමයක් තේ ද්‍රාවණය මගින් උරා ගැනීමේ හැකියාව තිබෙන නිසා, උයන්න බලාපොරත්තු වන එළවලු තේ වතුර භාඡනයක ගිල්වා විනාඩි කිහිපයකින් ගැනීමෙන් සෞඛ්‍ය ආරක්ෂිත කෑමවේලක් ලබාගන්න පුලුවන් ලු…

ඉතින් අපිට වස විස නැතිව ගෙවත්තෙන්ම සියලු එළවලු, පලතුරු ගන්න අපහසුයිනේ, ඒ වේලාවට අපි වෙළදපොලෙන් ගෙනෙන එළවලු, පලතුරු  බේසමකට දාලා ඒකට වතුර සමග තේ මණ්ඩි පැය භාගයක් පමන තැබීමෙන් බොහෝ රසායනික ද්‍රව්‍ය ඉවත් කර ගන්න පුලුවන් බවයි පර්යේෂණ වලින් තහවුරු වී තියෙන්නේ..

leaflt_tea

 


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

Imagine Cup 2016 අපේ වැඩකාරයෝ !!!!

Views 22505Likes Rating 12345Imagine Cup කියන්නේ Microsoft සමාගම විසින් ලෝකයේම ඉන්න තොරතුරු තාක්ෂණය හදාරන අයට ...

2 comments

  1. ඔබතුමියට බොහොම ස්තූතියි දැනුම බෙදා හදා ගැනීම සම්බන්ධව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *