Home / දේශීය / Imagine Cup 2016 අපේ වැඩකාරයෝ !!!!

Imagine Cup 2016 අපේ වැඩකාරයෝ !!!!

Imagine Cup කියන්නේ Microsoft සමාගම විසින් ලෝකයේම ඉන්න තොරතුරු තාක්ෂණය හදාරන අයට ලබා දී තිබෙන හොද තරගයක්. ඉතින්,මේ වගේ තරගයකට සහභාගී වීමත් ලොකු ජයග්‍රහණයක්,

2016 දීත් 14 වැනි වරටත් Imagine Cup තරගය පැවැත්වූනා. මේ සදහා රටවල් 120 ක පමණ කණ්ඩායම් 5000 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වූ බවයි කියන්නේ,

මේ තරගයේ ප්‍රධාන අංග 3 ක් තියෙනවා,
Innovation
World citizenship
Games  ලෙසයි

මෙවර Imagine Cup 2016 සදහා මොරටුව විශ්ව විද්‍යාලයෙන්ද දරුවන් 4 දෙනෙකු සහභාගී වූවා. ඔවුන්ට හැකියාව ලැබුනා Innovation අංශය යටතේ ලෝකෙන්ම 13 වැනි ස්ථානයට පත්වෙන්න ලැබුනා. මේ ව්‍යාපෘතියේ නම AMPLUS………………

ලක්මාල්, චතුශ, චරිත් හා චානක යන මේ තරුණයන් 4 දෙනාට අප වෙබ් අඩවියෙන් ද උණුසුම් සුභ පැතුම් පිරිනමනවා!

අපි බලමු ඔවුන්ට මේ ජයග්‍රහණය ලැබුනේ මොනවගේ ව්‍යාපෘතියකටද කියලා,

පොදු ස්ථාන වල දකින්න ලැබෙන අංකිත පුවරු (Digital Display) වල දැන්වීම් ප්‍රදර්ශණය වීම සිදුවූවත් ඒ අවස්ථාවේ සිටින පිරිස අනුව වඩාත් ගැලපෙන දැන්වීම් පළ කිරීමට මේ නිර්මාණයට පුලුවන් ලු. ඒ කියන්නේ එතැන වැඩිපුර ඉන්නේ කාන්තාවන් නම් ඔවුන්ට ගැලපෙන දැන්වීම්, පිරිමින් නම් ඔවුන්ට ගැලපෙන දැන්වීම් යනාදී ලෙස……

ඒ වගේම මේ වෙළද දැන්වීම් දිහා බලලා මිනිසුන් දක්වන ප්‍රතිචාරත් හදුනගන්න පුලුවන් තරම් ඔවුන්ගේ නිර්මාණය දියුණු කරලා තියෙනවා. ඒ ප්‍රතිචාර දැන්වීම් හිමිකරුවන්ට දැනගන්නත් හැකියාව ලැබෙනවා.

ඇත්තටම නූතන ලෝකයට ගැලපෙන බුද්ධිමත් Digital Display එකක්.

ඉතින් Imagine Cup 2016 අවසාන තරගයෙන් දෙවැනි ස්ථානය ලබා ගන්න මේ තරුණයින් 04 දෙනාට අවස්ථාව ලැබිලා තියෙනවා. එහි Innovation අංශයේ පළමු ස්ථානය හංගේරියාවටත්, තෙවන ස්ථානය ඇමරිකා එක්සත් ජනපදයටත් හිමිවූ බවයි සදහන් වන්නේ,

Imagine Cup 2016- second place

AMPLUS product එකත් එක්ක හොද ගමනක් යන්නත් මේ පුංචි දිවයිනට ගෞරවයක් දෙන්නත් අවශ්‍ය ධෛර්යය හා ශක්තිය ලැබේවා!

https://www.facebook.com/Amplus-1092884717413054/

 

 

 


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

Traffic එකේ ඉක්මනින් වැඩට යන්න පුලුවන් බස් එකක් තිබුනොත් හොදයි නේද?

Views 35081Likes 3Rating 12345Traffic එකේ කට්ට කාපූ, තාමත් කන අයට නම් මේ ආරංචිය ගොඩාක් සුභ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *