Home / කාලීන / Bar code වගේද QR code

Bar code වගේද QR code

QR code එකෙන් අදහස් වන්නේ Quick Response කියන එකයි. QR code හැදිලා තියෙන්නේ පුංචි කොටු ගණනාවකින්, මේ සංකේතය තුළ දත්ත සමුහයක් ගබඩා වෙලා තියෙනවා. අපි සාමන්‍යයෙන් දත්ත හා තොරතුරු ගබඩා කරන්න භාවිතා කරන්නේ hard disk,cd.dvd,pen drive වගේ දේවල්, නමුත් මේ Image තුළත් QR code ලෙස දත්ත සමුහයක් ගබඩා කිරීමේ හැකියාව තියෙනවා.

අද වනවිට අපි හැමෝම ගාව ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නේ, මේ ෆෝන් එකෙන් QR code එකේ ගබඩා වෙලා තියෙන දත්ත බලන්න පුලුවන් ඇප් එකක් ගන්න පුලුවන්. නොමිලේ ලබාදෙන ඇප් එකකින් පහසුවෙන් අපිට QR code එක ස්කෑන් කරලා දත්ත ලබා ගන්න පුලුවන්.

ඒ වගේම අපි බලමු කොහොමද QR code එකක් නිර්මාණය කරන්නේ කියලා, ගූගල් සර්ච් කලොත් බොහෝ online QR code making වෙබ් අඩවි දැකගන්න පුලුවන්, පහල තියෙන ලින්ක් එක භාවිතා කරලා මමත් හැදුවා QR code එකක්. ඉතින් ඒ QR code එක අපිට අවශ්‍ය නම් Banner එකකට, පොතකට, ටී ෂර්ට් එකකට ලේසියෙන්ම Print කරන්න දෙන්න පුලුවන්, ඒ QR code එක QR Code Reader App එකක් හරහා  Scan කරලා ඕනම කෙනෙක්ට මම ලබා දුන් දත්ත බලන්නත් පුලුවන්.

Everything Clickable…………..

අද වනවිට මේ QR Code එක අපිට බොහෝ ස්ථාන වල දකින්න ලැබෙනවා, ඉතින් ඒ QR Code එක මත QR Code Reader ඇප් එක හරහා Scan කරලා එහි ගබඩා වී ඇති තොරතුරු ඔබට පහසුවෙන් ලබා ගන්න පුලුවන්. ඉතින් Barcode වගේද QR Code……..

online QR code making link

මේ තියෙන්නේ ඒ වෙබ් අඩවිය හරහා හදාගත්ත QR Code එක, දැනටමත් ඔබ ලග QR Code Reader App එකක් තියෙනවානම් Scan කරලා බලන්න……….

qrcode(1)

 

 

 

 


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

Traffic එකේ ඉක්මනින් වැඩට යන්න පුලුවන් බස් එකක් තිබුනොත් හොදයි නේද?

Views 37902Likes 3Rating 12345Traffic එකේ කට්ට කාපූ, තාමත් කන අයට නම් මේ ආරංචිය ගොඩාක් සුභ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *