Home / කාලීන / කුණු විපතක්ද? සම්පතක්ද?

කුණු විපතක්ද? සම්පතක්ද?

අද වනවිට මීතොටමුල්ලේ කුණු කන්දේ නායයෑමට යට වී මිය ගිය සියලු දෙනාටම පළමුවෙන්ම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තුවාල වූ සැමටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා…..

ඇත්තෙන්ම ඒවා මරණ නොවේ…මිනිමැරැම්ය…. ඒ මිනිමැරැම් වලට එදා මෙදා සිටි සියලු දේශපාලකයන් වගකිය යුතුය. ඒ මන්ද යත් ඔවුන් මේ පිළිබද උද්ගෝෂණ 15 ක් පමණ වරින් වර සිදුකර මේ පිළිබද දැනුම් දී තිබුනත් අපේ රටේ කිසිදු වගකිවයුත්තෙක් ඒ ගැන නොබැලුවේ ඇයි?

ඇත්තටම කුණු විපතක්ද? වියදම් වෙන කරදකාරී, ගද ගහන දෙයක්ද?

ඔව් , දැනට අපේ ලංකාවේ තත්ත්වයට අනුව නම් ඔව්… ඔබ දන්නවාද? මේ කුණු එකතු කිරිම සදහා රජය මසකට කෝටි ගණනින් මුදල් වැය කරන බව…..

ඒත් ඇත්තටම කුණු සම්පතක්….ඔව් , නිසි කලමනාකරණයක් ඇති රටකට එය සම්පතක්…..අද බොහෝ රටවල කුණු වලින් බිලියන ගණනින් මුදල් උපයනවා…කුණු වලින් කෝටිපතියන් වූ මිනිසුන් ඒ රටවල ඉන්නවා…

ජර්මනිය කුණු ප්‍රතිචක්ක්‍රීකරණය කිරීමෙන් වසරකට පවුම් බිලියන 4 ක් උපයා ගන්නවාලු…

චීනයේ කුණු වලින් විදුලිය උත්පාදනය කරන විදුලු බලාගාර 500 කටත් වැඩියිලු……

ඒ වගේම කුණු වලින් ජීව වායුව නිෂ්පාදනය කරන්න පුලුවන් , එයින් අපි භාවිතා කරන ගෑස් වෙනුවට ගන්නත් පුලුවන්

කුණු සම්පීඩනයකට ලක්කර පාරවල් සෑදීමේදි අතුරනයක් ලෙස භාවිතා කරන්නත්  පුලුවන්

ස්වීඩනය,ඔස්ට්‍රේලියාව, ඉන්දුනිසියාව, බෙල්ජියම වැනි බෝහෝ රටවලත් විවිධාකාරයෙන් කුණු සම්පතක් බවට පත් කරගෙන… මේ රටවල් වෙනත් රටවලින් කුණු ආනයනය පවා කර ගන්නාවාලු…..අපේ රට මේ රටවල් තරම් දියුණු නැතිවුනත්, අපටත් මේ කුණු සම්පතක් බවට පත් කළ හැකි ඕනතරම් ආකාර නැතුවා නොවේ… අවශ්‍ය වන්නේ නිසි මග පෙන්වීම හා නිසි කලමනාකරනයයි…

එක් පුවත්පතක සදහන් වී තිබුනා ශ්‍රී ලාංකික තරුණයෙක්,කුණු ටොන් 20 කින් කිලෝ වොට් 3120 ක විදුලි බලයක් උත්පාදනය කළ හැකි සොයාගැනීමක් කර ඇති බවත්….ඒත් ඒවා ක්‍රියාත්මක වන්නේ කවදාද? මේ වගේ හොද සංකල්පනා ඇති තරුණයින් ලංකාවේ සිටියත් ඔවුන්ගේ අදහස ක්‍රියාත්මක කරන්න පුලුවන් පාලකයින් කවදා බිහිවෙයිද?

මින් පසුවවත් අපේ රටට කුණු විපතක් නොවී, සම්පතක් බවට පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු…. එලෙසින්ම පාලකයනි, දැන්වත් මේ ගැන ඇත්තටම අවධානය යොමුකරන්න…ක්‍රියාත්මක කරන්න…

 


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

Traffic එකේ ඉක්මනින් වැඩට යන්න පුලුවන් බස් එකක් තිබුනොත් හොදයි නේද?

Views 35086Likes 3Rating 12345Traffic එකේ කට්ට කාපූ, තාමත් කන අයට නම් මේ ආරංචිය ගොඩාක් සුභ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *