Home / කාලීන / විල්පත්තුව ගැන !

විල්පත්තුව ගැන !

අද වන විට බොහෝ කතා බහට ලක්වී ඇති මාතෘකාවක් තමයි මේ විල්පත්තුව රක්ෂිතය. එහි සිදුවන වන සංහාරය පිළිබදව විවිධ පුද්ගලයින් විවිධ ආකාරයෙන් උද්ඝෝෂණ ක්‍රියාත්මක කරනවා. ඇත්තටම විල්පත්තුව රක්ෂිතය මේ තරම් වටින දෙයක් ද ? මේ තරම් වටින ජාතික සම්පතක් ඇයි බලධාරීන් විනාශ කරන්න ඉඩ දෙන්නේ ?

අපි බලමු විල්පත්තු රක්ෂිතය ගැන විස්තර ටිකක් ,

විල්පත්තුව කියන්නේ පුළුල් පාරිසරික ප්‍රදේශයක්,එහි ප්‍රධානතම කොටස තමයි විල්පත්තු ජාතික වනෝද් යානය.අද වන විට එය හෙක්ටයාර 131693.7 කින් සමන්විත වෙනවා . මෙයට මායිම්ව කල් ආරු රක්ෂිතය,විල්පත්තු උතුරු අභය භූමිය ,තබ්බෝව අභය භූමිය,වීරක්කොඩි චෝල වැනි යෝජිත රක්ෂණය ගණනාවකින් වටවී තියෙනවා.

මේ රක්ෂිතය තුළ කුල 118 අයත් ශාක විශේෂ 600 අධික ප්‍රමාණයක් හමු වෙනවා. එයින් 33 පමණ ශ්‍රී ලංකාවටම ආවේණික ශාක වේ. කුල 17 අයත් මත්ස්‍ය විශේෂ 30 ක් හා ආවේණික විශේෂ 3 ක් ද , උරග විශේෂ 57ක්, පක්ෂි විශේෂ 149 ක් ක්ෂීරපායි විශේෂ 41ක් හා සමනළ විශේෂ 86ක් මේ කලාපයේ දැකිය හැකියි.

ඒ විතරක් නෙවෙයි නෙමෙයි කලාඔය, මල්වතු ඔය, කල් ආරු හා මෝදර ගං ආරු යන ජල ධාරා වලට පෝෂක ප්‍රදේශය වන්නේත් මෙම වන පියස යි . නමුත් අද වන විට වන සතුන්ගේ වාසස්ථාන, පුරා විද්‍යාත්මකව වැදගත් වන ප‍්‍රදේශ, ජල පෝෂක වනාන්තර බිම් හා සුවිශේෂි පරිසර පද්ධති ඇතුළු ව අක්කර 3400 ක භූමියක් සම්පුර්ණයෙන්ම එළි පෙහෙළි කර තිබේ.

එවැනි රක්ෂිතයක් විනාශ කිරීම ලංකාවට පමණක් නොව ගෝලීයවද බලපාන විශාල පරිසර හානියකි! බලධරයනි මේ පුංචි දිවයිනේ මේ තරම් වැදගත් කමක් ඇති ජාතික සම්පත් පටු දේශපාලන අරමුණු මත විනාශ වෙන්න දෙන්න එපා.

ඡයාරූප හා විස්තර උපුටා ගැනීම අන්තර්ජාලයෙනි

About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

Imagine Cup 2016 අපේ වැඩකාරයෝ !!!!

Views 32238Likes Rating 12345Imagine Cup කියන්නේ Microsoft සමාගම විසින් ලෝකයේම ඉන්න තොරතුරු තාක්ෂණය හදාරන අයට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *