Home / පරිගණක / WiFi සොයාගත් සුන්දර ලලනාවිය

WiFi සොයාගත් සුන්දර ලලනාවිය

අද අපිට නැතිවම බැරි තාක්ෂණයක් තමා අන්තර්ජාලය…අන්තර්ජාලය නැත්නම් ජාලකරණයේදී රැහැන් රහිතව තොරතුරු සන්නිවේදනය අද බහුලවම සිදුවන්නක්.

රැහැන් රහිත ක්‍රමවේදයේදී WiFi ප්‍රමුඛස්ථානයේ ඉන්නවා කියලා අපි හැමෝම දන්නවානේ…

ඉතින් ඔබ දන්නවාද මේ රැහැන් රහිත ක්‍රමවේදය මුලින් ම ලෝකයට හදුන්වා දුන්නේ කවුද කියලා?

සූරූපි නිළියක්…ඔව් ඇය නමින්…Hedy Lamarr

ඇය 1940 පමණ හිටපු දක්ෂ ජනප්‍රිය නිළියක්. ඇය ඒ කාලේ සොයාගත් මේ රැහැන් රහිත තාක්ෂණය 2 වන ලෝක යුද්ධය ජයග්‍රහනය කරන්නත් ඉවහල් වුනා කියලා තමා ඉතිහාසයේ කියැවෙන්නේ.

1914 දී ඔස්ට්‍රීයාවේ යුදෙව් පවුලක උපත ලද මේ සුන්දර යුවතිය ගැන ලෝකය කතා කරලා තියෙන්නේ ඇගේ බුද්ධිය ගැන නෙවෙයි, ඇගේ ලස්සන ගැනයි. 1933 දී ඇය සිනමාවට පිවිසෙනවා. ඇගේ පළමු චිත්‍රපටියත් ආන්දෝලාත්මක චිත්‍රපටියක් වුනාලු.. ඒ චිත්‍රපටියේ නම තමයි Ecstasy .

ඇය සොයාගත් වර්ණාවලිය ගුවන් විදුලි සංඛ්‍යාත වලට අහුනොවන වෙනත් විදුලි සංඛ්‍යාතයකට හැරවීම කරනවා. මේ සංඥා උදව් වෙලා තියෙනවා 2 ලෝක යුද්ධ කාලයේ ජර්මනියට අහුනොවෙන්න ලෝක වටේ සංඥා සන්නිවේදනය කරන්න. ඉතින් ඒ තාක්ෂනය තමයි අදවන විට Bluetooth, WiFi බවට වැඩි දියුණු වෙලා තියෙන්නේ. ඉතින් මේ සොයා ගැනීමෙන් අවුරුදු 40 කට පස්සේ තමාමේ ගැන ඇයට ඇගයීමක් ලැබිලා තියෙන්නෙත්. 2000 ජනවාරී 19 දින මේ සුන්දර බුද්ධිමත් ගැහැනිය ජිවීතෙන් සමුගන්නවා. එවිට ඇගේ වයස අවුරුදු 85 ක්.

 


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

Imagine Cup 2016 අපේ වැඩකාරයෝ !!!!

Views 32233Likes Rating 12345Imagine Cup කියන්නේ Microsoft සමාගම විසින් ලෝකයේම ඉන්න තොරතුරු තාක්ෂණය හදාරන අයට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *