Home / අරුම පුදුම / ලෝකයේ පුදුම 7 බලන්න යමු!

ලෝකයේ පුදුම 7 බලන්න යමු!

හෙරඩෝටස් විසින් නම් කරන ලද පුරාතන ලෝකයේ පුදුම හත වන්නේ ගීසාහි මහා පිරමීඩය, බැබිලෝනියාවේ එල්ලෙන උයන, එපිසස් හි ආටිමීස් දේවාලය, ඔලිම්පියාහි සීයුස් ප‍්‍රතිමාව මොසලෝනස් ගේ සොහොන් කොත , රෝඩ්ස් හි කොලෝසස් ප‍්‍රතිමාව සහ ඇලෙක්සැන්ඩ්‍රියාහි ප‍්‍රදීපාගාරය වේ. එක් එක් කාලවලදි සිදුවු භුමිකම්පා හා ගිනිගැනීම් නිසා අද වනවිට ඉතිරිවී තිබෙන්නේ ගීසාහි මහා පිරමීඩය පමණි. මධ්‍යකාලීන යුගයේ පුදුම හත ලෙසද හැදින්වේ.

 Old SevenWondersOfTheWorld

වර්තමාන ලෝක පුදුම හත මහඡනයාගේ ඡන්දයෙන් තෝරා ගන්නාලද්දේ 2007 ජූලි 07 වන දින පෘතුගාලයේ ලිස්බන් නුවරදීය.එනම්,

  1. ඉන්දියාවේ ටාජ්මහල් මන්දිරය – Taj Mahal

    ඉන්දියාවේ  අග්‍රා නගරයේ පිහිටා ඇති අතිරමණීය ආදරණීයම මන්දිරයක් ලෙස හැදින්විය හැක.1648 දී විවෘත කරන ලද මේ මන්දිරය සම්පූර්ණයෙන්ම කිරිගරුඩ වලින් නිර්මාණය වී ඇත.ෂා ජහාන් අධිරාජ්‍යයා තමා අතිශයින් ආදරය කල මුම්ටාස් මහල් දේවියගේ මරණයෙන් පසු ඉදිකල අද්විතීය සිහිවටනයකි.

     

    taj-mahal-sunset

  2. චීන මහා ප්‍රාකාරය – China Great Wall

    කුයින් ෂී හුවාන්ග් අධිරාජයා විසින් තනවන ලද මෙම දැවන්ත ප්‍රාකාරය සතුරන්ගෙන් ආරක්ෂාවීම සදහා නිර්මාණය වූවක්.2012 දී සිදුකරන ලද සමීක්ෂණ වලට අනුව මුළු දිග ප්‍රමාණය වන්නේ 21,196.18 Km ය.නැගෙනහිර චීනයේ කහ මුහුද බොක්කේ සිට මොංගෝලියාවේ බටහිර සීමාව දක්වා විහිදී ඇති මේ අපූර්ව නිර්මාණය චන්ද්‍රයාගේ සිට බැලුකල දැකිය හැකි එකම මිනිස් නිර්මාණයද වේ.

    great_wall_china_photo_gov

  3. ඉතාලියේ කොලෝසියම – Colosseum

    වෙස්පාසියන්ස් රෝම අධිරාජයාගේ පාලන කාලයේ දී ආරම්භ කරන ලද ඉතාලියේ රෝම නගරයේ පිහිටා 50,000 පමණ එකවර නැරඕය හැකි දැවන්ත ප්‍රේක්ෂකාගාරයකි.මෙහි පවත්වා තිබෙන්නේ වනසතුන් සමග කරනු ලබන අමානූෂීය ක්‍රීඩාවන්ය.මේ වනවිට ගින්නෙන් හා භූමිකම්පා වලින් හානි සිදුවී තිබුනත් අදටත් අපූර්ව නිර්මාණයක් ලෙස හැදින්වේ.

     

    inside-the-colosseum

  4. බ්‍රසීලයේ  ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව – Cristo Redentor

    බ්‍රසීලයේ රියෝදා හි පිහිටා ඇති උස මීටර් 40m ක්  වන අතර බර ටොන් 635ක් වේ. මෙම සුවිසල් ප්‍රතිමාව ඉදි කරන ලද්දේ 1931 දීය.

     

    Christ-the-Redeemer-Brazil

  5. ජෝර්දානයේ පෙට්‍රා නගරය – Petra

    අරාබි කාන්තාරයේ පිහිටා ඇති  අපූර්වතම නගරයකි.වාර්ෂිකව ලැබෙන වර්ෂාපතනය මිලිමීටර් 150 ක් වන අතර මෙම නගරයේ ගලින්ම නිර්මාණය කරනලද 42 m පමණ වන දේවස්ථානයක්ද දැකිය හැක.

    petra

  6. පේරුහි මචූ පිචූ බලකොටුව – Machu Picchu

    දකුණු ඇමරිකාවේ ඇන්ඩීස් කඳු මුදුනෙහි  ඉන්කාවරුන් විසින් ගොඩනගන ලද්දකි.ඉන්කා ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය කර ඇති නිවාස ඔවුන්ගේ පැලන්තිය අනුව හැඩය, පාට වෙනස් ආකාරවලින් සාදා ඇත. 2430 m උසින් හා වර්ග කිලෝමීටර් 13 ක පිහිටා ඇත.

    machu-picchu-late-afternoon

  7. මෙක්සිකෝවේ චිචෙන් ඉට්සා – Chichen Itza

    මායාවරුන්ගේ පෞරාණික නගරයකි.දේශපාලන හා ආගමික මධ්‍යස්ථානයක් ලෙසද ප්‍රසිද්ධ මෙහි 24m උස කුකුල්කන් දේවස්ථානය පිහිටා තිබේ.

Chichen-Itza-Mexico

Seven Wonders of the World – Taj Mahal

Seven Wonders of the World – Great Wall of China

Seven Wonders of the world – Roman Coliseum

Seven Wonders of the world – Cristo Redentor – Rio de Janeiro

Seven Wonders of the World – Petra

Seven Wonders of the World – Machu Picchu

Seven Wonders of the world – Chichen Itza

[whohit]-http://www.danuma.info/?p=276-[/whohit] 


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

2015 නොබෙල් ත්‍යාගලාභීන්…….

Views 31589Likes 6Rating 12345නොබෙල් ත්‍යාග සම්ප්‍රදාය ලෝකයට බිහිවුනේ ස්වීඩන් ජාතික ඇල්ෆ්‍රඩ් නොබෙල්(Alfred Nobel) විසින්  1885දීය. ...

8 comments

  1. nadee

    thanks for information

  2. mekanam hoda vedak akki.apita meken hoda denumak lebenava.thanks akki

  3. පට්ට 7

  4. බොහෝම පිං

  5. srimali yapa pathirana

    ඔබතුමියට ගොඩාක් පිං.මේ කටයුතු තවත් සාර්තක වේවා

  6. ගොඩක් වටිනව

  7. Great job. Apreciated

Leave a Reply

Your email address will not be published. Required fields are marked *