Home / කාලීන / ක්වොන්ටම් පරිගණක කවදා එයිද? – updated

ක්වොන්ටම් පරිගණක කවදා එයිද? – updated

 මීට අවුරුදු 02 කට පෙර ලියන ලද ලිපියක් නැවතත් update කරන්නේ ක්වොන්ටම් පරිගණක පිළිබද වැදගත් තොරතුරු කිහිපයක් කියන්නයි. පහළ වීඩීයෝ එක Google and Nasa ආයතනය එක්ව මේ සංකල්පයන් පිළබද සරලව ඉදිරිපත් කරන ලද්දක්. එ් වගේම නාසා ආයතනයේ දැනටමත් භාවිතා වන D- Wave Quantum Computer ගැනත් හොදින් විස්තර වෙනවා…………..

1940 දී පමණ පරිගණක සංකල්පය පැමිණිමේ සිට මේ වනතුරු සිදුවු සීඝ්‍ර සංවර්ධනය අති විශාලයි, එම සංවර්ධනය ඉදිරියේදිත් දෙගුණ තෙගුණ වී සිදුවෙවි.

මුල් කාලයේදි Vacuum Tube භාවිතා කර (1940 – 1956) විශාල කාමරයක් තුළ අධික තාපයක් පිට කරමින් ආ පරිගණකය පසුව, Transistor භාවිතා කර (1956 – 1963) ප්‍රමාණයෙන් කුඩා ආකාරයෙන් භාවිතුවේ යෙදුනත් අධික තාපය වැනි ගැටඵ ඒ ආකාරයෙන්ම පැවතුනි.

1963 න් පසුව Transistors ගණනාවක් එකතුකර සැදු Semiconductor භාවිතයේදි පෙර පැවති බොහෝ ගැටඵ විසදා ගැනිමට හැකිවිය.පසුව, Semiconductors එකතුවෙන් සෑදු Microprocessor ය පරිගණක ලෝකය තුළ විශාල පෙරලියක් සිදුකරා.අද අපි සිටින්නේ මේ යුගය තුලයි – Artificial Intelligence  ලෙසද හැදින්වේ.

අනාගතයේදි ක්වොන්ටම් පරිගණක තාක්ෂණය නිසා අප විද්‍යා ප්‍රබන්ධ වලින් දුටු ලෝකය සිහිනයක් නොවෙනු ඇත.එහෙනම් අපි බලමු මෙහි ක්‍රියාකාරිත්වය කෙසේද කියා,

abstract-binary_00373618

අපි භාවිතා කරන ඩිඡිටල් පරිගණක වල ඔක්කොම වැඩ කරලා දෙන්නේ 0 හා 1 යන ඉලක්කම් දෙකෙන්නේ.එක් අවස්ථාවකදි 0 හෝ 1 නිරූපනය වීමෙන් (bit ලෙස) දත්ත ක්‍රියාකිරිමෙන් අපට තොරතුරු ලබාදේ.හැබැයි ක්වොන්ටම් පරිගණකවල මේ 0 හා 1 එකවර ක්‍රියාත්මක වී Super positioning තත්වයට පත්වෙනවා, මේ Super positioning තත්වය නිසා එකවර දත්ත විශාල ප්‍රමාණයක් සංශ්ලේෂණය කිරීමේ හැකියාව ලැබෙනවා.

0 හා 1 එකට ගත්විට qbit (Quantum bit) ලෙස හැදින්වේ.තවමත් මේ තාක්ෂණය පවතින්නේ පරියේෂණ මට්ටමේය. 2012 දී Serge Haroche and David Wineland යන දෙදෙනා භෞතික විද්‍යාව සදහා නොබෙල් ත්‍යාගය දිනා ගත්තෙත් ක්වොන්ටම් විද්‍යාව හා ක්වොන්ටම් පරිගණක සදහා කරන ලද සේවය ඇගයීමටයි. 2025 පමණ වනවිට වාණිඡ මට්ටමින් ක්වොන්ටම් පරිගණක පැමිණේවී යැයි බලාපොරොත්තු වෙනවා.

Serge Haroche and David WinelandSerge Haroche and David Wineland

 අදට වඩා මිලියනයක් පමණ සුපිරි වේගයකින් පරිගණයක වැඩ කරන්න පුඵවන් නම් කොයි තරම් අගනේද?

[whohit]-http://www.danuma.info/?p=305-[/whohit]

 

 


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

Imagine Cup 2016 අපේ වැඩකාරයෝ !!!!

Views 22511Likes Rating 12345Imagine Cup කියන්නේ Microsoft සමාගම විසින් ලෝකයේම ඉන්න තොරතුරු තාක්ෂණය හදාරන අයට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *