Home / අරුම පුදුම / ස්වාභාවධර්මයේ පුදුම 7 ඇත්තටම පුදුමයි!

ස්වාභාවධර්මයේ පුදුම 7 ඇත්තටම පුදුමයි!

හා ලොන්ග් බොක්ක

වියට්නාමයේ ඇති ලෝකයේ තිබෙන වඩාත්ම ආකර්ශණිය මුහුදු තීරය ලෙස හැදින්විය හැක.විසිතුරු කොරල් පරය ස්වාභාවධර්මයේ අසිරිය මැනවින් විදහා දක්වන අතර හුණුගල් කදුගැටයක්ද සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි.1,553 km² පමණ පිහිටා ඇති මෙය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසද නම්කර ඇත.

1.jpeg

ඇමේසන් වනය හා නදිය

 දකුණු ඇමෙරිකාවේ  බ‍්‍රසීලය, පේරු, වෙනිසියුලාව, කොළොම්බියාව, ප‍්‍රංශ ගයනාව, ඉක්වදෝරය, බොලීවියාව, ගයනාව, සහ සූරිනාමය යන රටවල් පුරා පැතිරි ඇති අමේසන් වනාන්තරය ලෝකයේ ලොකුම වැසි වනාන්තරයද වේ. වනය මැදින් ගලායන අමේසන් නදියද මෙහි සුන්දරත්වය ත්‍රීවූ කරයි. ඉතා විශාල ඡිවීන් ගහණයක් දැකිය හැකි ස්වාභාවදහමේ අපූර්ව නිර්මාණයකි. 6437 Km දිග ඇමේසන් නදිය ලෝකයේ විශාලතම 2 වන නදියයි.

amazon_river

ටේබල් මවුන්ටන්

දකුණු අප‍්‍රිකාවේ කේප්ටවුන් හි පිහිටි ටේබල් මවුන්ටන් ලෙස නම් කරන ලද කඳු පන්තිය සංචාරකයන්ගේ නෙත් වසග කරන වර්ණවත් මල් වලින් හා ඡිවින්ගෙන් සමන්විත වේ.

table_mountain

ජේජු දුපත

මෙම දූපතත් ලෝකයේ තිබෙන සුන්දරම මුහුදු තීරයකින් හා කොරල්පර වලින් යුක්තයි. දකුණු කොරියාවට අයත් මෙහි දියඇලි, වනාන්තර හා දිගු වෙරළ තීරයක්ද දැකිය හැකි සංචාරකයන්ගේ ආකර්ශණය වඩාත් ලබාගත් ස්ථානයකි. 1,849 km2 පමණ පැතිරි ඇත. 

Jeju_Island

ඉගුආසු ඇල්ල

දියඇලි 270 කින් පමණ සෑදි ඇති පළල 2.7 Km වන ආකර්ශණියම දියඇල්ල ලෙස නම්වේ. බ‍්‍රසීලයේ දකුණු දිග කලාපයටත් ආර්ජන්ටිනාවේ මිඩියන්ස් පලාතටත් අයත් ඉගුආසු ඇල්ලේහි උසම දියඇල්ල 82 m පමණ වේ.

iguazu-falls

පූවර්වෝ ප‍්‍රින්සෙසා

8 Km ක් දුරට විහිදුනු ලෝකයේ එකම භූගත ගංගාව ලෙස හැදින්වේ. මෙය පිහිටියේ පිලිපීනයේ පූවර්වෝ ප‍්‍රින්සෙසා නගරයට කි.මි 50ට පමණ ඔබ්බෙනි. භූගත ගංගාව හා ඡාතික වනොදන්‍යානය  2,381 km² ප්‍රදේශයක දැකිය හැක.

Palawan_underground_river

කොමොඩෝ

ලෝකයේ කොමොඩෝ මකරුන් දැකිය හැකි එකම ඡාතික වනොදන්‍යානය කොමොඩෝ වනොදන්‍යානයයි.යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසද නම්කර ඇත.

komodo-national-park1

 

ඔබ ස්වාභාවධර්මයට ආසා කරන්නෙක් නම් පහත video වත් නරඔන්න.

 


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

Traffic එකේ ඉක්මනින් වැඩට යන්න පුලුවන් බස් එකක් තිබුනොත් හොදයි නේද?

Views 35079Likes 3Rating 12345Traffic එකේ කට්ට කාපූ, තාමත් කන අයට නම් මේ ආරංචිය ගොඩාක් සුභ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *