Home / පරිගණක / පරිගණක ලෝකයේ සොදුරු නිමැයුම්කරු සොයා යමු!

පරිගණක ලෝකයේ සොදුරු නිමැයුම්කරු සොයා යමු!

 පරිගණක ලෝකයේ වඩාත්ම සුන්දරම නිර්මාණකරු ලෙස මා දකින්නේ Steve Jobs ය. ඔහු පරිගණක ලෝකය තුල සිදුකල පෙරළිය විශ්මයඡනකයි. ඉතින් ඔහුගේ ඡිවිත කතාන්දරය තුළ අපටත් ඉගෙන ගතහැකි බෝහෝ දෑ තිබෙනවා, අපි බලමු ……

1955 February 24 දින San Francisco, California හීදි උපත ලද මොහුගේ සම්පුර්ණ නම Steven Paul Jobs ය. නමුත් ඔහුගේ සැබැ දෙමව්පියන් විවාහ වී නොසිටි අතර Steve හදාගැනිම සදහා පෝල් හා ක්ලාරාට හිමිවිය. හොද නිමාවක් සහිතව වැඩක් නිමකිරිමට Steve ඉගෙනගත්තේ ඔහු හදාගත් පෝල්ගෙන් බව පසුකාලීනව Steve පවසා තිබුනා. කුඩාකල සිටම ඉගෙනීමට දක්ෂ වූ Steve ඉලෙක්ට්‍රොනික් උපාංග නිර්මාණකරනයේද දස්කම් දැක්වීය.

Steve-Jobs-baby_2

Steve ගේ තරුණවියේදි හමුවු හොදම මිත්‍රයා වුයේ wazniak ය. මොවුන් දෙදෙනා transistors, resisters ආධාරයෙන් විවිධ ආකාරයේ උපාංග නිර්මාණය කළේය. ඒ අතරින් ඔවුන් නිර්මාණය කල Blue Box උපකරණය විශේෂ තැනක් ගනී. එමගින් මුදල් ගෙවා ලබාගතයුතු දුරකථන ඇමතුම් නොමිලේ ලබාගැනිමට හැකිවිණි.

jobs-woz-garage

Steve with wozniak

Blue_Box_in_museum

Blue Box

1972 දී Steve ට ඇයගේ පලමු පෙම්වන්තිය මුණගැසෙනවා, ඇය නමින් ක්‍රිසාන් බ්‍රිතාන්. මේ කාලයේදී හෝම්ස්ටඩ් විද්‍යාලයෙන් රීඩ් විද්‍යාලයට ඇතුලත් උවද මාස 18කට පසු ඔහු රැකියාවක් කිරිමට තීරණය කලේය. අටාරී සමාගමේ තාක්ෂණ තනතුරක සේවය කළද ඔහුගේ මුරණ්ඩු භාවය සමාගම ප්‍රිය නොකළ අතර රොන්වේන් ගේ ඇසුර නිසා ඕනෑම කෙනෙකුට තමන්ගේම ව්‍යාපාරයක් ඇරඹීමට හැකියාවක් ඇතැයි ස්ටිව් තුළ ඇතිවිය.

 මේ කාලය තුළ අධ්‍යාත්මික විමුක්තිය සොයා ඉන්දියාවට ද ඔහු ගමන් කළේය. 1975 දී නව විඩියේ ක්‍රීඩාවක් තම මිතුරා වන වොස්නියැක් සමග දින 04 කින් නිම කර අටාරී සමාගමට ලබා දීමට හැකි විය. මේ කාලයේ දී වොස්නියැක් විසින් Microprocessor කින් තිරයේ රුප දිස්වෙන මෘදුකාංගයක් ලිවිම සදහා වෙහෙසුනු අතර ස්ටිව් හා වොස්නියැක් හෝම්බෘ සමාඡයේ රැස්වීම් වලට ගියේය. එම සමාඡයේ මුළික අදහස වුයේ තම අත්හදා බැලිම් එකිනෙකා සමග හුවමාරැ කරගැනිමයි. එහි බිල්ගෙට්ස් ද සමාඡිකයෙක් විය. වොස්නියැක් තමාගේ HP65 calculater විකුණා ඩොලර් 500 ක් ද ස්ටිව් තම වාහනය විකුණා ලබා ගත් මුදල් ද එකතු කොට ඩොලර්1300 කින් පරිගණක සමාගමක් ආරම්භ කිරිමට සුදානම් විය.ඔවුන් ගේ වැඩපළ වුයේ ස්ටිල්ගේ දෙමාපියන් ගේ නිවසේ ගරාඡයයි. 1976 දී ඇපල් 1 පරිගණකය ප්‍රදර්ශනය කළ අතර මිළ ඩොලර් 666.66 විය.

Apple1

Apple 1

වොස්නියැක් ගේ විද්්‍යුත් ඉංඡිනේරු ඥාණය හා ස්ටිව් ගේ ව්‍යාපාරික බුද්ධිය මනාව මුසු විමෙන් 1977 දී ඇපල් 11 පරිගණකය වෙළද පොළට ඉදිරිපත් විය. ඇපල් 11 පරිගණකයට වෙළද පොළේ හොද ඉල්ලුමක් ලැබු අතර 1980 දී ඇපල් 111 වෙළද පොළට හදුන්වා දුන්නත් එය අසාර්ථක නිපයුමක් විය.

Apple_II

Apple 11

Apple-111

Apple 111

එම නිසා ඔහු ඇපල් 11 යොදාගත් bit 8 Microprocessor වෙනුවට bit 16 Microprocessor සහිත යන්ත්‍රයක් සැලසුම් කළ අතර එය ලීසා ලෙස නම්කලේය. Steve හා බ්‍රිතාන් අතර තිබු සම්බන්ධයේ ප්‍රථිපලයක් ලෙස බ්‍රිතාන් ගැබ් ගත්තත් ඒ ඔහුගේ දරුවෙක් ලෙස බාර ගැනිමට Steve මැලිවිය. ඒ භාරනොගත් දරුවාගේ නම වුයේද ලීසාය.

1982 පෙබරවාරි ටයිම්ස් සගරා‍වේ ස්ටිව් ගැන සදහන් වුයේ මේ ආකාරයටයි .

’26 හැවරිදි ස්ටිව් මීට වසර හයකට පෙර ඇපල් සමාගම ආරම්භ කලේ තම දෙමාපියන්ගේ නිවසේ ගරාඡය හා නිදන කාමරය තුලය. එහෙත් මේ වසරේදි අළෙවි ආදායම ඩොලර් දස ලක්ෂ 600 ඉක්මා යනු ඇති බවයි.’

මේ වන විට ඔහුගේ අළුත්ම ව්‍යාපාරය වනුයේ මැකින්ටොෂ් ය. ඒ සදහා ඔහු මයික් මාර්කූලා හා ඡෝන් ස්කලි තම සමාගමට බදවාගනී. 1984 දී මැක් පරිගණකය එළිදැක්වු අතර එය ප්‍රසිද්ධ කිරිම සදහා මාධ්‍ය භාවිතා කරන ලදී. මේ කාලයේ දී මැක් පරිගණකයේ  Application software දියුණු කිරිමට ස්ටිව් ට අවශ්‍ය විය. බිල්ගෙටිස් සහ ස්ටිව් අතර යම් මතබේද  සමග මෘදුකාංග සදහා ගිවිසුම් ඇති වන්නේත් මේ කාළය තුළය.

steve with mac

Steve with Mac

1986 දී  යම් අර්බුදකාරී තත්වයන් තුල ඇපල් සමාගමෙන් ඉවත් වන ඔහු NeXT ලෙස නව සමාගමක් ආරම්භ කරන ලදී. 1988 දී NeXT  පරිගණකය වෙළද පොළට හදුන්වා දුනි.ඒවගේම Hardware, Software යන සියල්ල එකට නිෂ්පාදය කළයුතු ය යන සංකල්පය ස්ටිව් දැඩිව විශ්වාස කළේය.

NeXT

NeXT computer

මේ කාලයේ දි Graphics ගැන උනන්දුවක් දැක්වු ලූකස් සමාගමේ පරිගණක අංශය මිළදී ගන්නා අතර එය Pixar ලෙස නම් කෙරේ. සඡිවී කරණය පිළිබදව ඉතා උනන්දුවක් දැක්වු ස්ටිව් ඩිස්නි සමාගම සමග සඡීව කරණ චිත්‍රපටියක් නිර්මාණය කිරිම සදහා ගිවිසුමකට එලඹුණහ. එය Toy Story. එයින් නිපද වු ආදායම ඩොලර් දසලක්ෂ 362කට අධිකය. ඉන් පසුව Toy Story 2 හා Toy Story 3 ද Pixar  සමාගම යටතේ නිපද විය.

cartoons_toy_story_pixar_wa

මේ කාලයේදි තමා හදාගත් ක්ලේරා මව මියයන අතර ඔහුගේ සැබෑ මව වන ඡොහානා සොයාගනී. එහිදි ඔහු තමාට මෝනා නමින් සහෝදරියක් සිටින බවද දැනගනී. ඒවගේම තම දරුවා වන ලීසා සමගද වඩාත් සමීපව ඇසුරු කිරිමට පටන්ගැනිමත් 1991 දී ලොරින් පාවෙල් සමග විවාහ වීමත් ඔහුගේ ඡිවිතයේ විශේෂ සිදුවීම් වේ.

129438-jobs_steve_laurene_400

Steve-Jobs-daughter-Erin-Jobs

Steve with daughter

1997 දී නැවතත් ඇපල් සමාගමට උපදේශකයෙක් ලෙස ස්ටිව් පැමිණේ. මෙහිදි ඔහු පරිඝණකයේ නිර්මාණශිලී භාවය ගැන වඩාත් සැලකිල්ලක් දැක්විය. එහිදි ඔහුගේ සංකල්පය වුයේ Think Different යන්නය . 1998 දී iMac පුද්ගලික පරිගණකයක් වෙළද පොළට හදුන්වා දුනි. එය ඇපල් සමාගමේ ඉතිහාසයේ හොදම අළෙවි වාර්තාවක් තැබිමට සමත් විය.

-imac

ඉන්පසු 2000 දි ස්ටිව් මැකින්ටොෂ් මෙහෙයුම් පද්ධතිය හදුන්වා දුනි. 2001 දි පළමු   ඇපල් ප්‍රදර්ශණාගාරයද විවෘත වු අතර මේ වන විට ලොව පුරා ඇපල් ප්‍රදර්ශණාගාර 326ක් පමණ දැකිය හැක. මේ කාලයේදි ස්ටිව් ඇපල් සමාගමේ iCEO ලෙස කටයුතු කලේය.

2001 ඡනවාරියේදි iTune ලබා දුන් අතර 2001 ඔක්තෝම්බර් 23 වෙනිදා iPod හදුන්වා දුන් අතර එහි මිල වුයේ ඩොලර් 399 ය.

first-ipod-macworld

2003 දී iTunes Store එළි දැක්වු අතර එහි ගීත 200000  තිබු අතර දවසින් දවස වැඩිවිය. Finding Nemo චිත්‍රපටියද Pixar සමාගමේ තවත් සාර්ථක වු සඡිවිකරණයකි.තවත් බොහෝ Animation Movies සමාගම හරහා නිෂ්පාදනය විය.

pixar

මේ වන විට ස්ටිව්ගේ ශරීර සෞඛ්‍ය යහපත් නොවු අතර අග්න්‍යාශ පිළිකාවකින් පෙළෙන බව දැනගන්නට ලැබේ. තම අධිෂ්ඨාන බලයෙන් ඕනෑම දෙයක් කළ හැකි බව විශ්වාස කළ ඔහු පිළිකාව ද පරාඡය කළ හැකි යැයි දැඩි විශ්වාසයක් තිබුණි.2004 දී සැත්කමකට භාඡනය වු ඔහුගේ අග්න්‍යාශයෙන් කොටසක් ඉවත්කරන ලදි.

2007 ඡුනී මාසයේදී iPhone වෙළද පොළට නිකුත් කරණ ලද අතර ඡංගම දුරකථන වෙළද පොළ ලාභයෙන් අඩකටත් වඩා ඉපවුයේ iPhone 2009 පමණ වන විට වඩාත් රෝගී වු ඔහු 2010 ඡනවාරියේ දී iPad හදුන්වා දුන් අතර ටැබ්ලට් පරිගණකයක් පිළිබද අදහස 2002 කාළයේ දී ඔහු තුළ ඇති වු අදහසකි. 2010 අප්‍රියෙල් වන විටද iPad අළෙවිය Digital තාක්ෂණ ලොවේ ඉහලම වාර්ථා තබමින් සිදුවිය.

steve-jobs-and-the-iphone

iPad1 and iPad2

 

apple-icloud-photo

මේ කාළයේ දි Google සමාගම Android මෙහෙයුම් පද්ධතිය යටතේ iPhone සමාන ඡංගම දුරකථනයක් නිර්මාණය කිරිමේ යෙදුනි. 2011 මාර්තු 02 iPad  02 හදුන්වා දුනි. 2011 ඡුනි මාසයේදී iCloud හදුන්වා දුන් අතර ඔහුගේ සෞඛ්‍ය තත්වය දිනෙන් දින පිරිහෙමින් පැවතුනි. 2011 දී ඇපල් සමාගමින් ඉල්ලා අස්වු අතර ඔහු පැවසුයේ මට ඉතාමත් වාසනාවන්ත ඡිවන වෘත්තියක් හා ඡිවිතයක් තිබුනා හා මට හැකි සියල්ල මා කලා යැයි යන්න ය. ඉතින් මේ සොදුරු මිනිසා 2011 ඔක්තොම්බර් 5 වෙනිදා අවුරුදු 56 ක් ඡිවත් වී අපෙන් සමුගත්තත් ඔහු පරිගණක ලෝකයේ කල විප්ලවිය වෙනස සැමදාමත් රුදේවි.

 steve jobs

  BBC Documentary: Steve Jobs – Billion Dollar Hippy

SteveJobsBook

 

උපුටාගැනිම අන්තර්ඡාලයෙනි……….

About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

Imagine Cup 2016 අපේ වැඩකාරයෝ !!!!

Views 16691Likes Rating 12345Imagine Cup කියන්නේ Microsoft සමාගම විසින් ලෝකයේම ඉන්න තොරතුරු තාක්ෂණය හදාරන අයට ...

5 comments

  1. ඔබගේ උත්සහයට මාගේ ප්‍රණාමය..
    තවත් දෑ ලියන්නට ඔබට ශක්තිය,ධ්‍යෛර්‍ය ලැබේවායි පතමි.

  2. amarasiri priyankara perera jayasinghe arachchige

    Good read,anybody…

  3. amarasiri priyankara perera jayasinghe arachchige

    Reading is clean the mind…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *