Home / දේශීය / පෝය දිනයන්හි වැදගත්කම ගැන ඔබ දන්නවාද?

පෝය දිනයන්හි වැදගත්කම ගැන ඔබ දන්නවාද?

load buddha

01. දුරුතු පුර පසලොස්වක පෝය (ජනවාරි මාසය)

  • බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය මහියංගනයට වැඩම කිරීම.

  • එහිදී සුමන සමන් දෙවිඳුන්හට කේෂ ධාතූන් වහන්සේලා පිළිගැන්වීම.

  • බුද්ධත්වයෙන් නව මසකට පසු උරුවෙල දනව්වට වැඩම කිරීම. එහිදී උරුවෙල කාශ්‍යප, ගයා කාශ්‍යප හා නදී කාශයප සමග දහසක් ජටිලයන් දමනය කිරීම හා බුදුන් සරණට පත්කොට පැවිදි කරවීම.

 

 02. නවම් පුර පසලොස්වක පෝය (පෙබරවාරි මාසය)

  • සැරියුත් සහ මුගලන් මහ රහතන් වහන්සේලාහට සම්බුදු සසුනෙහි අගසව් තනතුරු ලැබීම.

  • ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදු වීම. (බුද්ධත්වයෙන් පසු මුල්වරට රහතුන් වහන්සේ පුමුඛ සියලු සංඝයා වහන්සේ (1050) එකට රැස්ව ධර්ම කතිකාවතක් ඇති කිරීම)

  • බුදු රදුන් විසින් මහා සංඝරත්නයට ඔවාද ප්‍රිතිමෝක්ෂය දේශනා කිරීම. (භික්ෂූන් වහන්සේ උදෙසා ශික්ෂා මාර්ගය)

  • විශාලාවේ චාපාල චෛත්‍යෙයයේදී ආයු සංස්කාරය අත්හැරිම.

 

 03. මැදින් පුර පසලොස්වක පෝය (මාර්තු මාසය)

  • බුදු රජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජනමභූමියට කෘතගුණ සැලකිම සඳහා වැඩම කිරීම. ඒ අනුව කිමුලවත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසිම.යසෝධරා දේවිය අදෙසා චන්ද කින්නර ජාතකය දේශනා කිරිම.රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවිම.

  

04. බක් පුර පසලොස්වක පෝය (අප්‍රේල් මාසය)

  • බුදු රදුන්ගේ දෙවන ලංකාගමනය සිදු විම.

  • නාගදීපයට වැඩම කොට චූලෝදර හා මහෝදර අතර මිණි පළඟක් අරඹයා වූ ගැටුම සමතයකට පත් කිරීම.

 

 05. වෙසක් පුර පසලොස්වක පෝය (මැයි මාසය)

  • තෙමගුල සිදුවීම.

  • බුද්ධත්වයෙන් අටවන වසරේදි තෙවැනි ලංකා ගමනය කැළණියට සිදු කිරීම.

  • විජය කුමරු ලක්දිවට පැමිණීම.

  • ධර්මාශෝක රජු විසින් තිළිණකොට එවන ලද පංචකකුධභාණ්ඩ සහිතව දෙවනපෑතිස් රජු දෙවන අභිශේකය ලැබීම.

  • දුටුගැමුණු මහ රජතුමා විසින් මහරහතුන් වහන්සේ පිරිවරා රුවන්වැලි මහා සෑයෙහි වැඩ ආරම්භ කිරීම.

 

 06. පොසොන් පුර පසලොස්වක පෝය (ජූනි මාසය)

  • මිහිදු මහා හිමියන්ගේ ලංකා ගමනය සිදුවීම.

  • දෙවනපෑතිස් රජු ඇතුළු 40,000 ක් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම.

  • සුමණ සාමනේරයන් වහන්සේගේ ආරාධනයෙන් ම්ස්සක පව්ව අබියසට වැඩි දෙවියන්හට සමචිත්තපරියාය සූත්‍රය මිහිදු හිමියන් විසින් දේශනා කිරීම.

  • මිස්සක පව්වේදී පණ්ඩුක කුමාරයාගේ මහණ උපසම්පදාව සිදු කිරිම.

 

07. ඇසල පුර පසලොස්වක පෝය (ජූලි මාසය)

  • බුදු රදුන්ගේ මංගල ධර්ම දේශනාව බරණැස ඉසිපතන මිගදායේදී පස්වග මහණුන් උදෙසා දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම.

  • සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම.

  • කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පත්වීම.

  • භික්ෂූන් වහන්සේ පෙහෙවස් සමාදන් වීම.

  • රාහුල කුමාරයාගේ උපත සිදුවීම.

  • ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ සිංහල තරුණයන් 56 දෙනෙකු මහණ අපසම්පදාව ලැබීම.

  • පාත්‍රා ධාතුව ලංකාවට වැඩමවීම.

  • කීර්ති ශ්‍රී රාජසිංහ රජුන් සියම් රටින් උපාලි තෙරුන් ප්‍රධාන සංඝයා වහන්සේ වඩමවා ලක්දිව උපසම්පදාව නැවත ඇති කිරීම. (බු.ව. 2240)

 

08. නිකිණි පුර පසලොස්වක පෝය (අගෝස්තු මාසය)

  • භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම.

  • ප්‍රථම ධර්ම සංඝයානාව පැවැත්විම.

  • දළදා පෙරහැර පැවැත්වීම.

 

 09. බිනර පුර පසලොස්වක පෝය (සැප්තෑම්බර් මාසය)

  • මෙහෙණ සසුනෙහි ආරම්භය සිදුවීම.

  • තපස්සු භල්ලුක වෙළඳ දෙබැයන් බුදු රජාණන් වහන්සේගෙන් ලබාගත් කේෂධාතු නිදන් කොට තැනූ ගිරිහඩු සෑයේ වාර්ෂික පුන්‍යොත්සවය.

 

 10. වප් පුර පසලොස්වක පෝය (ඔක්තෝබර් මාසය)

  • මාතෘ දිව්‍යරාජයාට දහම් දෙසා දඹදිව සංකස්සපුරයට වැඩීම.

  • පෙහෙවස් පවාරණය සහ කඨින චීවර පූජාව.

  • මහරිට්ඨ මහා රහතුන් වහන්සේ විසින් ලක්දිව විනය පිටකය සංඝයනා කිරීම.

 

  11. ඉල් පුර පසලොස්වක පෝය (නොවැම්බර් මාසය)

  • මෛත්‍රී බෝසතුන් විවරණ ලැබීම.

  • ප්‍රථම ධර්මදූත පිරිස ධර්ම ප්‍රචාරය ආරම්භකිරීම.

  • තුන්බෑ ජටිලයන් දමනය කිරීමට අරුවෙල් දනව්වට වැඩමවීම.

  • සැරියුත් මහ රහතන් වහන්සේ පිරිණිවන් පෑම.

 

 12. උඳුවප් පුර පසලොස්වක පෝය (දෙසැම්බර් මාසය)

  • සංඝමිත්තා මහ තෙරණින් වහන්සේ විසින් ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩමවීම.

  • ශ්‍රී ලංකාවේ භික්ෂුණී පැවිද්ද ආරම්භ වීම.

  • සිරිපා වන්දනා සමය ආරම්භ වීම.

 
උපුටා ගැනිම අන්තර්ඡාලයෙනි.

About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

තේ මණ්ඩි වලින් එළවලු වල විස නසන්න!

Views 16102Likes 6Rating 12345මේ දවස්වල බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ පැවත්වෙන වස විස නැති රටක් යන සංකල්පය ...

2 comments

  1. අති මහත් වටිනාකමකින් හා වැදගත් තොරතුරු වලින් සමන්විත ව මෙහි කරුණු ඉදිරිපත් කොට තිබෙනවා.ඇත්තම කිව්වොත් විශ්වකෝෂයක් වගෙයි.

    ඉදිරියටත් මෙවැනි දේ තුලින් මේ සමාජයට වැදගත් තොරුතුරු සැපයීමට හැකිවේවායි කියා මෙය තව තවත් ඉදිරියට කරගෙන යාමට ඔබතුමියට ශක්තිය හා ධෛර්යය ලැබේවායි මම ප්‍රර්ථනා කරමි!

    • Darshi

      සැබවින්ම ඔබ සියලුදෙනාම ලබාදෙන අදහස් වලට ගොඩාක් ස්තුතියි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *