Home / දේශීය / ලංකාවේ ප්‍රථම සිංහල අධ්‍යපනඥයා කවුද?

ලංකාවේ ප්‍රථම සිංහල අධ්‍යපනඥයා කවුද?

අපි හැමෝම(බහුතරයක්) ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් අය. ඒ හින්දා කන්නන්ගර මැතිතුමා කවදාවත් අමතක කරන්න බැරි පුද්ගලයෙක්.මොකද ඔහු විසින් දැඩි බාධක ඔස්සේ (එවකට සිටි බ්‍රිත්‍යානයන් හා කලු සුද්දන්) 1945 දී නිදහස් අධ්‍යාපන පනත සම්මත කරගත් නිසා.

කන්නන්ගර මැතිතුමාගේ යෝඡනාවක් ලෙස ක්‍රියාත්මක වූ මධ්‍ය විද්‍යාල 50 අතරින් පළමුව බිහිවුනේ මතුගම C W W කන්නන්ගර විද්‍යාලයයි.එහි පළමු විදුහල්පති ලෙස කටයුතු කළේ J.E ඡයසූරියයි. ඔහු ලංකාවේ පළමු සිංහල අධ්‍යපනඥයාද වේ.

Prof.-J.-E.-Jayasu

1942 දී බිහිවූ ප්‍රථම ලංකා විශ්ව විද්‍යාලයේද අධ්‍යාපන අංශයේ සහාකාර කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කල මොහු 1961 දී (සිරිමාවෝ බණ්ඩාරනායක කාලයේදි)ඡාතික අධ්‍යාපන කොමිසන් සභාවේ සභාපති ලෙස කටයුතු කළේද J.E ඡයසූරියයි.ඔහු විසින් ලංකාවේ අධ්‍යාපනයට වැදගත් තීරණ කිහිපයක් ගත් අතර මෙම සභාවේ සමාඡිකයෙක් ලෙස කන්නන්ගර මැතිතුමාද කටයුතු කර ඇත.

  1. 1950 දී අහෝසි කළ වෘත්තීය අධ්‍යාපනය නැවත හදුන්වා දීම

  2. විෂයන් ගණනාවක ඉංග්‍රිසී පොත් සිංහලට පරිවර්තනය කිරීම

  3. පෙළපොත් හා දිවා ආහාරය නොමිළේ ලබාදීම

  4. අබාධිත ළමුන් සදහා අධ්‍යාපනය ලබාදීම

     

    J.E ඡයසූරිය මහාචාර්යවරයා පිළිබද වැඩිදුර විස්තර ඇතුළත් ලිපිය මෙතැනින් බලන්න.


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

තේ මණ්ඩි වලින් එළවලු වල විස නසන්න!

Views 18481Likes 6Rating 12345මේ දවස්වල බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ පැවත්වෙන වස විස නැති රටක් යන සංකල්පය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *