Home / අරුම පුදුම / මා දුටු ලංකාවේ උසම දිය ඇල්ල…….

මා දුටු ලංකාවේ උසම දිය ඇල්ල…….

ලංකාවේ උසම දිය ඇල්ල මොකක්ද කියලා හැමෝම දන්නවානේ, ඒ තමයි බඹර කන්ද දිය ඇල්ල. පසුගිය දිනක මේ සුන්දර දිය කොමලිය නරඔන්න මටත් අවස්ථාවක් ලැබුනා. ඉතින් ඒ අත්දැකීම ඔබත් සමග බෙදා ගන්නයි මේ සුදානම……….

බඹර කන්ද දිය ඇල්ල උසින් අඩි 790 ක්, මීටර් වලින් නම් 263 පමණ වෙනවාලු. ලෝකයේ උසම දිය ඇලි අතරින් 48 වන ස්ථානයේ ඉන්නවා කියලා තමා කියන්නේ. ඹබරගල හා වැලිහේන කදු පන්තියෙන් තමයි මේ දිය ඇල්ල වටවෙලා තියෙන්නේ.

waterfall-03_danuma.info

රත්නපුර නගරය හරහා බලංගොඩ, බෙලිහුල් ඔය පසුකර හපුතලේ මාර්ගයේ 173Km කණුව අසලින් (කළුපහන නගර‍යෙන්)වමට හැරී 5Km ක් පමණ පටු මාර්ගයක ගිය පසු මේ සුන්දර දිය ඇල්ල දකින්නට ලැබෙනවා.

waterfall-02_danuma.info

වඩාත් හොදින් නැරඔිමට නම් තවත් විනාඩි 10 ක් පමණ පයින් ගමන් කළ යුතුය. ඒ ගමන් මාර්ගය පයිනස් ගස් අතරින් තිබෙන දර්ශනීය පරිසරයක් ලබා දෙනවා.

waterfall-09_danuma.infowaterfall-04_danuma.info
waterfall-05_danuma.infowaterfall-07_danuma.infowaterfall-08_danuma.info

මේ සුන්දර දිය ඇල්ලේ පහලට ගලා හැලෙන ස්ථාන වල ස්වාභාවික ස්නානය කළ හැකි තැන් බොහොමයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ සුන්දර දිය කොමලිගේ සීතල වතුරේ පහස විදින්නත් අමතක කලේ නැහැ.

waterfall-01_danuma.info

ඔබත් අනිවාර්යයෙන් රත්නපුර හරහා හපුතලේ ප්‍රදේශයට යනවානම් මේ දිය කොමලිය බලන්න,ස්නානය කරන්න අමතක කරන්න එපා.ඒ වගේම පරිසරයට හානියක් නොකර මේ සුන්දරත්වය මතු පරපුරටත් බලන්න පුලුවන් විදිහට ආපහු එන්නත් අමතක කරන්න එපා.


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

සාමන්‍ය දැනීම ප්‍රශ්න 250 ක් ! – උසස් පෙළ පොදු පරීක්ෂණය හා අනෙකුත් විභාග සදහා

Views 21594Likes 29Rating 12345මේ සාමන්‍ය දැනීම අත්පොත ලබා දෙන්නේ 2015 අ.පො.ස උසස් පෙළ සිසුන්ගේ පොදු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *